Copyright © ඉතාලි අපි
Design by Dzignine
28 December 2011

2.මූණ ටිකක් බලා ගමු... (Defining the work area)

මේ තියෙන්නේ photoshop විවිධ සංස්කරණ වල මුලික තිරයේ පින්තුර ටිකක්

මේ තියෙන්නේ photoshop 1


මේ තියෙන්නේ photoshop 2.5


මේ තියෙන්නේ photoshop 3.0.4


මේ තියෙන්නේ photoshop 4.0


මේ තියෙන්නේ photoshop 5.0


මේ තියෙන්නේ photoshop 6.0


මේ තියෙන්නේ photoshop 7.0


මේ තියෙන්නේ photoshop CS


මේ තියෙන්නේ photoshop CS 2


මේ තියෙන්නේ photoshop CS 3


මේ තියෙන්නේ photoshop CS 4 

මේ තියෙන්නේ photoshop CS 5 

මේ තියෙන්නේ photoshop CS 5.5

------------------------------------------------------------------------------------------------------------------

Photoshop work area



work area එකේ මෙන්න මේ දේවල් අඩංගු වෙනවා.

මෙනු බාර් (Menu bar) :  මේකේ තියෙන්නේ  විවිධ පහසුකම්   සහිත  
                                    විධානයන්.

ඔප්ෂන් බාර් (Options bar) :     අපි මොකක් හරි ටූල්(tool)  එකක් 
                                            තෝරා ගත්තම ඒ ටූල්(tool) එකේ 
                                            විවිධ පහසුකම් තෝරා ගන්න අපිට 
                                            උදව් වෙන්නේ මේ ඔප්ෂන් බාර් 
                                            (Options bar) එකයි.

ටූල් බොක්ස් (Toolbox) :  අපි photoshop වල වැඩ කරද්දී 
                                    වැඩියෙන්ම භාවිතා කරන්නේ මේ ටූල්                     
                                    බොක්ස් එක තමයි. මේකෙන් අපිට 
                                    ඡායාරූප සංස්කරණයේදී විවිධ ටූල් 
                                     සපයනවා.

පැලට්ස් (Palettes) :    මේ  පැලට් වලින් අපිට අපේ photo එකේ   
                               විවිධ තත්වයන් පෙන්නුම් කරනවා වගේම අපේ  
                               photo එකට විවිධ වෙනස් කම් කරන්නත් උදව් 
                               වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ පැලට්ස් 
                               (Palettes)  තියෙන තැන් අපිට කැමති විදියට 
                                වෙනස් කරන්න සහ අවශ්‍ය  පැලට්ස් 
                               (Palettes) ඉතිරි කරගෙන අනවශ්‍ය ඒවා ඉවත් 
                               කරන්නත්.

ස්ටේටස් බාර් (Status bar) :  මෙතනින් අපිට අපේ photo එකේ  
                                        විස්තර සහ විවිධ උපදෙස් ලබා දෙනවා.
කියවන්න
26 December 2011

1.මුලික කරුණු ටිකක්...

බිට්මැප් ඉමේජස් ( bitmap images ) සහ වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics)

පරිගණක ග්‍රැෆික්ස් සාමාන්‍යයෙන්  කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ තමයි "බිට්මැප් ඉමේජස් (bitmap images) සහ වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics)"  අපිට මේ ග්‍රැෆික්ස් වර්ග දෙකම සමග ෆොටෝෂොප් වල වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ෆොටෝෂොප් ෆයිල්(PSD) වල මේ වර්ග දෙකම ඇතුලත් කරන්න පුළුවන්.

රාස්ටර් (raster)  හෝ  බිට්මැප් ඉමේජස් ( bitmap images )

බිට්මැප් ඉමේජස් (bitmap images) තාක්ෂණික වශයෙන් හඳුන්වන්නේ රාස්ටර් (raster) ඉමේජස් කියලයි. මේවා හදල තියෙන්නේ පික්සල්(pixel) නමින් හඳුන්වන තිත්(dots) දැලක්(grid) ආකාරයට සකස් කරලයි.බිට්මැප් ඉමේජස් (bitmap images)  සමග වැඩ කරද්දී, වස්තුන් සහ හැඩතල වලට වඩා  අපි සංස්කරණය (edit) කරන්නේ  පික්සල්(pixel) නමින් හඳුන්වන තිත්(dots)  වර්ගය යි.  ග්‍රැෆික් ඩිසයින් වලදී වැඩිපුරම භාවිතා කරන්නේ  බිට්මැප් ඉමේජස් (bitmap images) වර්ගය යි. ඊට හේතුව තමයි ඉතාමත් සුක්ෂම විදියට සවිස්තරාත්මකව සෙවනැලි සහ වර්ණ බෙදා වෙන් කර දක්වන්න මේ බිට්මැප් ඉමේජස්  (bitmap images) වලට හැකියාව තිබීම.
                       බිට්මැප් ඉමේජස් (bitmap images) රඳාපවතින්නේ රෙසලුෂන්(resolution) අගය මතයි. නියමිත පික්සල්(pixel) ගණනක් ඒවායෙහි ඇතුලත් වෙනවා වගේම ඒ හැම පික්සල් (pixel) එකකටම නියමිත ස්ථානයක් සහ නියමිත වර්ණ අගයක් ඇතුලත් වෙනවා. බිට්මැප් ඉමේජස් (bitmap images) වල රළු ගතියක් දකින්න ලැබෙනවා, ඒවා අඩු රෙසලුෂන්(resolution) අගයක් යොදාගන මුද්‍රණය(print) කරලා තිබුනොත්. ඊට හේතුව තමයි රෙසලුෂන්(resolution) අගය අඩු වන විට  පික්සල්(pixel) වල ප්‍රමාණය(size) විශාල වීම.

වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics)

වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics) නිර්මාණය වෙලා තියෙන්නේ ගණිතමය වශයෙන් ගණනය කරන ලද රේඛා සහ වක්‍රාකාර රේඛා වලිනුයි. මේවා හඳුන්වන්නේ වෙක්ටර්ස් යන නමිනුයි. වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics) වල ගුණාත්මක භාවයේ (quality) කිසිම වෙනසක් නොවී ඒවා සංස්කරණය කරන්න, විශාල කරන්න සහ වර්ණ වෙනස් කිරීම් පවා කරන්න පුළුවන්. මේවා  රඳාපවතින්නේ රෙසලුෂන් (resolution) අගය මත නෙවෙයි. ඒ නිසා ගුණාත්මක භාවයේ (quality) කිසිම අඩුවක් නොවී  ඕනෑම ප්‍රමාණයකට විශාල කරන්න වගේම ඕනෑම විශාලත්වයකින් මුද්‍රණය(print) කරන්න වුනත් පුළුවන්. ලෝගෝ (logo) නිර්මාණයේදී භාවිතා කළ යුතු හොඳම ග්‍රැෆික්ස්  වර්ගය වන්නේ මේ වෙක්ටර් ග්‍රැෆික්ස් (vector graphics) තමයි. මොකද කොයි තරම් විශාල කලත් බොඳ වෙන්නේ නෑනේ.

කියවන්න
23 December 2011

හැදින්වීමක් ...

photoshop කියන්නේ මොකක්ද කියල මම අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ. මොකද පරිගණක භාවිතා කරන හැමෝම වගේ ඒ ගැන දන්නවා. නමුත් මුල ඉදන්ම පටන් ගමුකො අපි. ෆොටෝෂොප් කියන්නේ ඡයාරූප සංස්කරණය කරන්න තියෙන හොඳ software එකක්. නමුත් ඉතින් නොමිලේ දෙන්නේ නෑ. ලංකාවේ මුදල් වලින් photoshop CS 4 මිලදී ගන්න වෙන්නේ රු.78 000 ක් වගේ මුදලකට. නමුත් සල්ලි දීල ගන්න බැරි  අයට (මේ මං වගේ) torrent වලින් නොමිලේම dawnload කරගන්න පුළුවන්. photoshop වලින් අපිට ඉතාමත් නිර්මාණශීලි දේවල් කරන්න පුළුවන්.  මේ තියෙන්නේ එහෙම හදපු photo ටිකක් (මම හදපුවා නම් නෙමෙයි)






එහෙනම් මේ වගේ නිර්මාණශීලි විදියට  photo edit කරන්න අපිත් ඉගෙන ගනිමු...

කියවන්න
03 December 2011

හා හා පුරා කියලා පොඩි පල් හෑල්ලක් කියවලා ඉමුකො...

ආයුබෝවන්...! 
මේක තමා මගේ පලවෙනි බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එක. මගේ බ්ලොග් එකෙන් ඔයාලට graphic design මුල ඉදලම ඉගන ගන්න පුළුවන්.මුලින්ම photoshop වලින් පටන් ගමු මෙහෙම කිව්වට මම මහා ලොකු වැඩ කාරයෙක් නෙවෙයි. ඒත් මම දන්න දේ බ්ලොග් එකකින් කියල දෙන්න හිතුනා. සමහර computer class වල photoshop කියල උගන්වන්නේ tool box එක විතරයි. එහෙම නැත්නම් පොතක් බලන් වැඩ්ඩෝ වගේ උගන්වනවා. අයියෝ සල්ලි...!!! මම නම් photoshop ඉගන ගත්තේ තනියම. කඩ්ඩ ලාවට දන්න නිසා ඉංග්‍රීසි වෙබ් සයිට් වලින් බලන් තමා ගොඩක්ම ඉගන ගත්තේ. තව සිංහල පොත් වලිනුත් ඉගන ගත්තා. ඔයාලටත් පුළුවන් මේ බ්ලොග් එකෙන් තනියම graphic design මුල ඉදලම ඉගන ගන්න. එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු.
කියවන්න