Copyright © ඉතාලි අපි
Design by Dzignine
12 January 2012

7.ලේයර්ස් (Layers) හඳුනා ගනිමු...

මෙන්න මේ Layers වලින් තමා ඔය ෆොටෝෂොප් වැඩකාරයෝ වැඩ කිඩ දාන්නේ. දැන් බලයි ටූල්ස් සහ විවධ ෆිල්ටර් තියෙන්නේ මොකටද කියල, එව්වත් ඕන වෙනවා නමුත් Layers හරියට තේරුම් ගත්තේ නැත්නම් සාර්ථකව නිර්මාණයක් කරන්න අමාරුයි. මේ Layers පාවිච්චි කරන විදිය හරියට තේරුම් ගන්න පුළුවන් නම් ෆොටෝෂොප් කියන්නේ simple software එකක්, මම අත්දැකීමෙන්ම දන්නවා ගොඩක් අය මේ ෆොටෝෂොප් ඉගෙන  ගන්න අමාරුයි කියන්නේ මේ Layers පාවිච්චි කරන විදිය හරියට තේරුම් ගන්න බැරි නිසා කියල. ඉතින් මේ මුලික කොටස් ඉවර කරලා මම ලිපි ලියන්නේ මේ Layers හරියට තේරුම් අරන් පාවිච්චි කරන විදියයි. මේ ලිපියේ තියෙන්නේ පොඩි හඳුන්වාදීමක් විතරයි.



සාමාන්‍යයෙන් මේ Layers Palette එක තියෙන්නේ අපේ photoshop window එකේ දකුණු පැත්තේ පහලට වෙන්නයි. අපිට මේ Layers Palette එක පාවිච්චි කරලා අපේ නියම ඡායාරූපයට කිසිම හානියක් නොවී වැඩ කරන්න පුළුවන්, ඒ කියන්නේ අපි හිතමුකෝ අපේ photo එකේ කොටසක් මකන්න ඕනා කියල,නමුත් මකද්දී වැරදීමක් උනොත් එහෙම අපේ නියම photo එකට හානි වෙන්න පුළුවන් (save කලේ නැතිනම් හානි නොවී බේරගන්න පුළුවන්) ,ඉතින් අපිට පුළුවන් අපේ photo එකේ Layer එක select කරලා ctrl ප්‍රෙස් කරගෙන J අකුර ප්‍රෙස් කරන්න. එතකොට අපේ නියම photo එකේ copy එකක් හැදෙනවා. දැන් අපිට පුළුවන් මේ copy එක බය නැතුව edit කරන්න. අපිට පුළුවන් අපේ photo එකේ තියෙන කොටස් වෙන වෙනම layers වලට වෙන් කරලා තියාගන්න ඇත්තෙන්ම එක ලොකු පහසුවක් වෙනවා සංස්කරණය කරද්දී. අපිට මේ layers හරහා අපේ photo එකට විවිධ වර්ණ එකතු කරන්න, විවධ කොටස් එකතු කරන්න, අකුරු එකතු කරන්න සහ තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයාලට layers ගැන සවිස්තරාත්මකව දැනගන්න පුළුවන් ඉදිරි ලිපි වලින්.
කියවන්න

6.සේරම ටූල් එක පාර බලාගමු..

පැහැදිලි නැත්නම් ඔය පින්තුරය උඩ ක්ලික් කරන්න.

දැන් ඔයාල බලයි කෝ මේ ටූල් මොනාද කියලවත් හඳුන්වල දීල නෑනේ කියල. කලබල වෙන්න එපා, මේ ටූල් මොනාද කියල ඉගෙන ගන්න ඕන ප්‍රායෝගිකව පාවිච්චි කරලයි. දැන් මම මෙතන එක එක ටූල් එක අරන් මේ ටූල් එකෙන් වෙන්නේ මේකයි, මේ ටූල් එකෙන් වෙන්නේ මේකයි, කියල පැහැදිලි කරලා දුන්නම ඔයාලත් ඒකම කට පාඩම් කරගන්නවා මිසක් ඒ ටූල් පාවිච්චි කරලා බලන්නේ නෑ, ඉතින් ටූල් වලින් වැඩ ගන්න හැටි අපි පාවිච්චි කරලම ඉගෙනගමු.
කියවන්න
04 January 2012

5.රෙසොලුෂන් (resolution) අගය වෙනස් කරමු.

රෙසොලුෂන් (resolution)  අගය කියන්නේ, ඩිජිටල් ඡායා රූපයක එක වර්ග අඟලක් පුරා පැතිරිලා තියෙන පික්සල් (pixel) ප්‍රමාණයයි (pixels per inch - PPI) , dots per inch  (DPI)  කියල කියන්නෙත් ඕකටම තමයි.  අපි අපේ පරිගණකයේ මොනිටරයෙන් ඡායාරූපයක්  රෙසොලුෂන් (resolution)  අගය 72 dpi ක් භාවිතා කරලා බලද්දී, ඒ ඡායාරූපයම මුද්‍රණය කරලා බලනවා නම් අඩුම තරමින් රෙසොලුෂන් (resolution)  අගය 300 dpi වත් ලබා දෙන්න ඕනා.පවර් පොයින්ට්  (PowerPoint) සහ අන්තර්ජාලයේ ඇති ඡායාරූප (web images) වලට අවශ්‍ය වෙන්නේ 72 dpi සහ 75 dpi අතර රෙසොලුෂන් (resolution)  අගයක්.මේවා තුල ඉහල රෙසොලුෂන් (resolution)  අගයක් පවතින ඡායාරූප දර්ශනය වන්නේ 72 dpi අගයට රෙසොලුෂන් (resolution)  අගය හැකිලිමෙනුයි. ඒ නිසා අපි ඡායාරූපයක ප්‍රමාණය වෙනස් කරන්න (resize) කලින් ඒක පාවිච්චි කරන්නේ මොනවටද කියල කලින් දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්.
අපි දැන් ෆොටෝෂොප් වලට යමු. start menu එකෙන් හරි desktop එකෙන් හරි ගිහින් photoshop ඔපෙන් කරන්නකෝ. දැන් අපි මොකක් හරි ඡායාරූපයක් ඔපෙන් කරගමු 



ctrl ඔබාගන o(ඕ අකුර ) ප්‍රෙස් කලාම අපිට කෙලින්ම file ඔපෙන් කරගන්න window එක ලබාගන්න පුළුවන්.





හරි දැන් ඔයාට කැමති පින්තුරයක් open කරගන්න. ඊළඟට menu bar එකේ අන්තිමටම තියෙන "help" කියන එක ක්ලික් කරන්න.දැන් තවත් මෙනුවක් හම්බවෙයි, බලන්න ඒ මෙනු එකේ මැදට වෙන්න තියෙනවා "Resize image" කියල



"Resize image" ක්ලික් කරන්න. දැන් පොඩි window එකක් open උනා නේද. 



එකේ ඇති "what will this image be used for" කියල එකක්.  මං   කලිනුත් කිව්වනේ අපි පින්තුරයක ප්‍රමාණය වෙනස් කරන්න කලින් එක පාවිච්චි කරන්නේ මොනාටද කියල කලින් දැන ගන ඉන්න ඕන කියල, මෙතන අහන්නේ  ඒක  තමයි. අපි හදන ෆොටෝ එක මුද්‍රණය කරනවා නම්, "print" කියන එක තෝරන්න ඕන. අපි අන්තර්ජාලයේ පාවිච්චි කරනවා නම් "online" කියන එක තෝරන්න ඕන.(Facebook එකට දානවා නම් "online" කියන එක තෝරන්න ඕන)

අපි හිතමු "print" කියන එක තෝරගත්තා කියල, එතකොට අපිට පුළුවන් මුද්‍රණය කරන කඩදාසියේ ප්‍රමාණය අඟල්(inches) වලින් හරි සෙන්ටිමීටර්(cm) වලින් හරි තෝරාගන්න. අපි කඩදාසියේ ප්‍රමාණය තෝරගත්තාම අපිට පුළුවන් රෙසොලුෂන් (resolution)  අගය තෝරාගන්න, අපි පින්තුරය මුද්‍රණය කරන්නේ කුමක් සඳහාද යන කාරණය උඩ. උදාහරණයක් විදියට පත්තරයක්(News paper) සඳහා, එහෙම නැත්නම් ස්ක්‍රීන් ප්‍රින්ට්(screen print) එකක් සඳහා.

අපි "online" කියන එක තෝරගත්තොත් අපිට පින්තුරයේ ප්‍රමාණය (size) තෝරාගන්න පුළුවන් පික්සල් (pixel) වලින්. අපිට මිට වඩා වැඩි පහසුකම් යටතේ "resize" කරන්න ඕනා නම් menu bar එකේ තියෙන "image" මෙනු එකෙන් "image size" කියන එක තෝරාගන්න පුළුවන්.



මේ ටික වැදගත්....
අපිට, bitmap එහෙම නැත්නම් raster ඡායාරූප වල ප්‍රමාණය අඩු කරන්න පුළුවන් එකේ ගුණාත්මක භාවයේ කිසිම අඩුවක් නොවී, එත් විශාල කරද්දී අනිවාර්යයෙන්ම ගුණාත්මක භාවය අඩු වෙනවා. බොඳ වෙනවා. ඒ නිසා අපි ඡායාරූප සංස්කරණය කරද්දී අනිවාර්යයෙන්ම අපේ ඡායාරූපයේ පිටපතක් (copy) තමයි පාවිච්චි කරන්න ඕන. ඔරිජිනල් එක නෙමෙයි.
කියවන්න