Copyright © ඉතාලි අපි
Design by Dzignine
17 April 2012

photo වලට අමුතු ගතියක් දෙන bloom effect එක දාන්න ඉගෙන ගමු.

ඔන්න මං අද ඔයාලට ගෙනාවා තවත් වටිනා කියන වැඩ කෑල්ලක්. මං කලින් කිව්වනේ ක්වික් මාස්ක් ගැන සහ අර කපාගන ආව පින්තුරය පාවෙනවා වගේ පේන එක හදාගන්න විදිය කියල දෙනවා කියල. නමුත් මේක ඊට වඩා ටිකක් වටිනවා. මේකෙන් පස්සේ අනිවා කියල දෙන්නම් අර දේවල්. හරි මෙන්න මේකයි කතන්දරේ පෙන්වා නේද මේ පින්තුර දෙකේ වෙනස...



කොයි පින්තුරයේද ගතියක් තියෙන්නේ? දෙවැනි එකේ නේද.. හ්ම්ම්... ඔව් එකට කියන්නේ bloom effect එක කියල. මේක දාන්න හරිම ලේසියි.. කට පාඩමෙන් කරන්න පුළුවන් මේක.... එහෙනම් අපි බලමු කරන විදිය..

ඉස්සෙල්ලම ඕන කරන photo එක photoshop වලින් open කරගන්න ඊට පස්සේ ctrl + j ඔබන්න. ඔයාලට මතකද මේ short  cut එක? කලින් post එකකත් මං කිව්වා.. මේකෙන් වෙන්නේ අපි දැන් තෝරගන ඉන්න layer එකේ copy එකක් හැදෙන එක. බලන්න දැන් ඔයාලගේ layer palette එක මෙන්න මේ වගේ ඇති.

 

දැන් හදාගත්ත කොපියේ layer mode එක screen විදියට වෙනස් කරන්න ඕන. මෙන්න මේ විදියට.




ඊට පස්සේ මේකට layer mask එකක් දාන්න ඕන. අපි 2012 ලෝගෝ එක හදද්දී layer mask දැම්ම මතකද? මෙන්න මේ විදියට දාන්න.



දැන් layer mask එක තෝරන්න ඕන. සාමාන්‍යයෙන් layer mask එකක් දාපුවම ඒක ඉබේම select වෙලා තියෙනවා. නමුත් මෙන්න මේ විදියට layer mask එක තෝරන්න (සුදු පාට කොටුව උඩ click කරන්න)



ඊටපස්සේ මේ layer mask එකට අපේ පින්තුරය දාගමු. ඒක කරන්නේ මෙහෙමයි. layer mask එක select කෙරුවට පස්සේ menu එකේ image -> apply image විදියට යන්න.




දැන් මතුවෙන window එකෙන් layer එකට background තෝරන්න.



දැන් ආපහු layer එකේ පින්තුරය තෝරමු. කලින් layer mask එක උඩ click කළා වගේ මේ පාර පින්තුරය පෙන්වන පොඩි icon එක (layer thumbnail ) උඩ click කරන්න   



දැන් මේ bloom effect එක පින්තුරයේ කොයි තැන් වලටද දාන්න ඕන කියල තෝරගන්න ඕන. Menu එකේ Image -> Adjustments -> Threshold විදියට යන්න.



එතකොට එන window එකේ slider එක එහෙට මෙහෙට කරලා බලන්න වෙනස් වෙන විදිය.



දැන් කොහොමද හරියට තෝරාගන්නේ අපිට ඕන කොටස්? බලන්න මේ පින්තුරය දිහා..



පේනවා නේද තියෙන ඊතල ගහල තියෙන සුදු පාට කොටස් අන්න ඒවාට තමා මේ bloom effect එක දාන්නේ. ඉතින් අර slider එක විවිධ වෙනස් කම් කරලා බලලා හොඳ ගැලපෙන විදියකට හදාගන්න, හොඳම දේ තමා සුදු පාට කොටස් ටිකක් අඩු වෙන විදියට හදාගන්න එක. දැන් කරන්න තියෙන්නේ මේක බොඳ කරන එකයි. එකට පාවිච්චි කරන්නේ Gaussian Blur Filter එක. Menu එකේ Filter -> Blur ->  Gaussian Blur විදියට යන්න.

 

දැන් ඉබේම අර සුදු පාට කොටස් බොඳ වෙයි, එත් slider එක වෙනස් කරලා ගැලපෙන වියකට හදාගන්න. ගොඩක් බොඳ කරන්න එපා. 



දැන් බලන්න වෙනස.. මේක photo දෙක තුනකට දානකොට ඉබේම මතක හිටිනවා... ඔය photo edit කරන වැඩර්ලා ගොඩක් වෙලාවට මේ effect එක තමා දාන්නේ... wedding album හදද්දී මේක ගොඩක් පාවිච්චි කරනවා.

 මේක වැදගත් වුනා නම් කමෙන්ට් එකක් එහෙම දාලම යන්න..                                 
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

7 comments:

  1. ම්ම්ම්.... නියමයි.... කරලා බලන්න ඕන...

    ReplyDelete
  2. යේ... හලී... මට මේකෙ ඉන්න පොඩි උන් සෙට් එක විතරක් කපා ගෙන වෙනම පින්තූරයක් හදන හැටි කියනවද ?
    ඒ කියන්නෙ ඒ පින්තූරෙ png ෆෝමැට් එකේ වෙන්න ඕන. පොඩි උන් සෙට් එක ඇර අනිත් ටික ට්‍රාන්ස්පේරන්ට් තියෙන්නත් ඕන ????
    ස්තූතියි

    ReplyDelete
  3. මෙන්න මේකේ ඕන කරන කොටස Select කරගන්න විදිය තියෙනවා..

    http://aplustutes.blogspot.it/2012/04/selection.html

    ඒ විදියට selection එක දාගෙන ඉතුරු ටික delete කරලා දාන්න තියෙන්නේ. එහෙම නැත්නම් selection එක දාගෙන Ctrl+J ඔබන්න. එතකොට පොඩි උන් සෙට් එක විතරක් වෙනම Layer එකකට එනවා. ඊට පස්සේ Background Layer එක Delete කරලා දාන්න.

    ReplyDelete
  4. හද්දෙයියනේ බ්ලොගයක් තියනවා කියල දන්නෙත් ,,අද,, ඒ නියමයිනේ... මෙන්න මේක ලියල කොලිටි කරලා ගන්න... නියමම නියමයි

    ReplyDelete
  5. ;) වෙලාවක් නෑ අෆ්ෆා....

    ReplyDelete
  6. නියමයි

    ReplyDelete