Copyright © ඉතාලි අපි
Design by Dzignine
25 February 2012

මතකද 2012 ෆිල්ම් එකේ ලෝගෝ එක... අපිත් හදමු ඒ වගේ එකක්.

(සියලුම පින්තුර පැහැදිලි ලෙස නැරඹීම සඳහා එය මත click කරන්න)


ඔන්න කට්ටියට තවත් වැඩ කෑල්ලක් උස්සගන ආවා.. හැමෝටම මතක ඇති නේද 2012 ෆිල්ම් එකේ ලෝගෝ එක? මේ තියෙන්නේ ඒවගේ එකක්... 


අපිත් photoshop වලින් හදමු මේ වගේ එකක්.අපි මෙතනදී කරන්නේ layer mask වලින් වැඩ ගන්න එකයි.. සිංහලෙන්ම කියනවා නම් 2012 අකුරු වලට වෙස් මුහුණු ටිකක් අන්දන එකයි අපි මෙතනදී කරන්නේ. 




ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් ඕන කරන දේවල් dawnload කරගන්න. ඒ file එක extract කරගෙන ඇතුලේ තියෙන AgencyFB Regular කියන ෆොන්ට් එක install කරගන්න ඊටපස්සේ photoshop වලට ගිහින් පහල පින්තුරයේ දාල තියෙන  size එකට අලුත් canvas එකක් හදාගන්න.

පියවර 01:

දැන් අපි dawnload කරගත්ත black කියන පින්තුරය open කරගෙන move tool එකෙන් අපි හදාගත්තු canvas එකට drag කරන්න(ඇදල දාන්න) 
දැන් black කියන පින්තුරය close කරලා දාන්න.


පියවර 02:

ඊටපස්සේ අකුරු වලට පාටක් දාගමු. මේ පින්තුර වල තියෙනවා කරන විදිය  මේ පහල පින්තුරයේ වගේ foreground color එක double click  කරන්න



 දැන් මේ පින්තුරයේ තියෙන විදියට # එකට 292929 අගය දෙන්න.


දැන් අපි  AgencyFB Regular font එක තෝරලා  text tool එකෙන් "2012" type කරගමු .


පියවර 03:

ඊළඟට bevel එකක් දාගන තව contuor එකකුයි texture එකකුයි දාගමු. පහල පින්තුරවල අගයන් දෙන්න.





පියවර 04:

දැන් layer 2 පින්තුරය open කරගන්න, මතකද අපි  black කියන පින්තුරය open කරගෙන move tool එකෙන් අපි හදාගත්තු canvas එකට drag  කළා, ඒ වගේ මේ  layer 2 පින්තුරයත්  drag කරන්න,


 දැන්   layer 2  කියන පින්තුරය close කරලා දාන්න.




පියවර 05:


ඊටපස්සේ layer 2 පින්තුරය 2012 අකුරු ටික වැහෙන්න මෙන්න මේ විදියට තියාගන්න.


පියවර 06:


මේ විදියට layer 3, layer  4, layer  5 පින්තුර වලටත් කරන්න. එතකොට layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන. 


පියවර 07:


ඊළගට  layer  5 හි opacity අගය 15% ක් දක්වා අඩු කරන්න. 




දැන්  "layer  4" හි  opacity අගය 30% ක් දක්වා අඩු කරන්න, 




දැන්  "layer  3" හි  opacity අගය 90% ක් දක්වා අඩු කරන්න .




පියවර 08:


දැන් කරන්න තියෙන්නේ layer mask එක දාන එකයි..  මුලින්ම   layer  5 සහ  layer  4 අතරට mouse එක ගෙනියන්න ඊළගට ALT key එක ඔබන්න mouse එකේ හැඩය වෙනස් වුනා නේද?    
 mouse එකේ හැඩය වෙනස් වුනාම එක පාරක් click කරන්න. එතකොට මෙන්න මේ වගේ තියෙයි. 


පියවර 09:

දැන් අනිත් layer වලටත් මේ ටිකම තමා කරන්න තියෙන්නේ. 


 layer 4 සහ  layer  3 අතරට  mouse එක ගෙනිහින්   ALT key එක ඔබාගන  එක පාරක් click කරන්න,


ඊළඟට layer 3 සහ  layer  2 අතරට  mouse එක ගෙනිහින්   ALT key එක ඔබාගන  එක පාරක් click කරන්න,


ඊළඟට   layer 2 සහ text layer එක  අතරට  mouse එක ගෙනිහින්   ALT key එක ඔබාගන  එක පාරක් click කරන්න,


බලන්නකෝ ලෝගෝ එක හැදිලා ඉවරයි. එතකොට  layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන. 




පියවර 10:


දැන් ඕකට පොඩි ගතියක් දෙමු.. නිකන් ලයිට් එළියක් ගහල වගේ.   layer  5 ට උඩින් අලුත් layer එකක් හදාගන්න, ඊට පස්සේ  අංක 100 brush එක තෝරගන මෙන්න මේ විදියට සුදු පාටින් ඇඳගන්න.




පියවර 11:

ඊට පස්සේ සුදු පාට ගාගත්ත layer 6 යේ  opacity අගය 50% ක් දක්වා අඩු කරන්න. 




පියවර 12:


දැන් කලින් layer වලට කළා වගේම  layer 6 සහ  layer  5 අතරට  mouse එක ගෙනිහින්   ALT key එක ඔබාගන  එක පාරක් click කරන්න


අන්තිමට ඔයාලගේ  layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන.


මේ තියෙන්නේ අපේ ලෝගෝ එක. 


මේ විදියට ඔයාලගේ නම උනත් දාල හදාගන්න පුළුවන්.


මේකෙන් ඔයාලට යමක් ඉගන ගන්න පුළුවන් උනා නම් මගේ හිත හැදෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ ....


:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

7 comments:

  1. මේක කලින් දැම්මනම් මාර විදියට වටිනවා බං මම 2012 වෙනුවෙන් පින්තූරයක් හදද්දි ඔය ෆොන්ට් එක දාගන්න විදියක් නැතිව සෑහෙන්න කටු කෑවා...

    මලේ සිංහල සිංඩියකට එකතු වෙයන් ඊට පස්සේ එන යන අය දැනගන්න හිට් කවුන්ටර් එකකුත් දාගන්න.............මට මේල් එකක් එවහන්කෝ

    ReplyDelete
  2. මමත් හෙව්වා ඕක.. මේ ලඟදි තමා අහු වුනේ... මං mail එකක් දාන්නම්, උදව් කරනවට අයියට තැන්කු....

    ReplyDelete
  3. අනේ මගේ මැෂින් එකේ ෆොටෝෂොප් CS 2, CS 4 දෙකම තියෙනවා.. ඒත් එකක්වත් වැඩ කරන්නෙ නෑ.. සීරියල් නම්බර්ස් ඉල්ලනවා.. මම දන්නෙ නෑ.. ඒ නිසා මම මොනවත් කරන්න යන්නෙ නෑ..

    ReplyDelete
  4. අක්කේ ෆොටෝෂොප් CS 2 වලට මෙන්න මේවගෙන් එකක් දාල බලන්න.

    S/N: 1045-0436-9551-0266-5984-9386

    s/n: 1131-0201-5621-6381-7682-3918

    S/N: 1131-1028-1537-2956-7072-0359

    S/N: 1045-1082-6373-5878-7149-7943,

    S/N: 1045-1085-2225-3531-1557-8491

    CS 4 එක නම් කරන්න crack කරන්න වෙනවා.

    ReplyDelete
  5. ස්තුතියි මල්ලි.. උත්සහ කරල බලන්නම්...

    ReplyDelete
  6. නියමයි අශාන් අය්යා තවත් මේ වගේ Photoshop Tutorials දාන්න.

    ReplyDelete
  7. well done, keep writing (Y)

    ReplyDelete