Copyright © ඉතාලි අපි
Design by Dzignine
04 January 2012

5.රෙසොලුෂන් (resolution) අගය වෙනස් කරමු.

රෙසොලුෂන් (resolution)  අගය කියන්නේ, ඩිජිටල් ඡායා රූපයක එක වර්ග අඟලක් පුරා පැතිරිලා තියෙන පික්සල් (pixel) ප්‍රමාණයයි (pixels per inch - PPI) , dots per inch  (DPI)  කියල කියන්නෙත් ඕකටම තමයි.  අපි අපේ පරිගණකයේ මොනිටරයෙන් ඡායාරූපයක්  රෙසොලුෂන් (resolution)  අගය 72 dpi ක් භාවිතා කරලා බලද්දී, ඒ ඡායාරූපයම මුද්‍රණය කරලා බලනවා නම් අඩුම තරමින් රෙසොලුෂන් (resolution)  අගය 300 dpi වත් ලබා දෙන්න ඕනා.පවර් පොයින්ට්  (PowerPoint) සහ අන්තර්ජාලයේ ඇති ඡායාරූප (web images) වලට අවශ්‍ය වෙන්නේ 72 dpi සහ 75 dpi අතර රෙසොලුෂන් (resolution)  අගයක්.මේවා තුල ඉහල රෙසොලුෂන් (resolution)  අගයක් පවතින ඡායාරූප දර්ශනය වන්නේ 72 dpi අගයට රෙසොලුෂන් (resolution)  අගය හැකිලිමෙනුයි. ඒ නිසා අපි ඡායාරූපයක ප්‍රමාණය වෙනස් කරන්න (resize) කලින් ඒක පාවිච්චි කරන්නේ මොනවටද කියල කලින් දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්.
අපි දැන් ෆොටෝෂොප් වලට යමු. start menu එකෙන් හරි desktop එකෙන් හරි ගිහින් photoshop ඔපෙන් කරන්නකෝ. දැන් අපි මොකක් හරි ඡායාරූපයක් ඔපෙන් කරගමු 



ctrl ඔබාගන o(ඕ අකුර ) ප්‍රෙස් කලාම අපිට කෙලින්ම file ඔපෙන් කරගන්න window එක ලබාගන්න පුළුවන්.





හරි දැන් ඔයාට කැමති පින්තුරයක් open කරගන්න. ඊළඟට menu bar එකේ අන්තිමටම තියෙන "help" කියන එක ක්ලික් කරන්න.දැන් තවත් මෙනුවක් හම්බවෙයි, බලන්න ඒ මෙනු එකේ මැදට වෙන්න තියෙනවා "Resize image" කියල



"Resize image" ක්ලික් කරන්න. දැන් පොඩි window එකක් open උනා නේද. 



එකේ ඇති "what will this image be used for" කියල එකක්.  මං   කලිනුත් කිව්වනේ අපි පින්තුරයක ප්‍රමාණය වෙනස් කරන්න කලින් එක පාවිච්චි කරන්නේ මොනාටද කියල කලින් දැන ගන ඉන්න ඕන කියල, මෙතන අහන්නේ  ඒක  තමයි. අපි හදන ෆොටෝ එක මුද්‍රණය කරනවා නම්, "print" කියන එක තෝරන්න ඕන. අපි අන්තර්ජාලයේ පාවිච්චි කරනවා නම් "online" කියන එක තෝරන්න ඕන.(Facebook එකට දානවා නම් "online" කියන එක තෝරන්න ඕන)

අපි හිතමු "print" කියන එක තෝරගත්තා කියල, එතකොට අපිට පුළුවන් මුද්‍රණය කරන කඩදාසියේ ප්‍රමාණය අඟල්(inches) වලින් හරි සෙන්ටිමීටර්(cm) වලින් හරි තෝරාගන්න. අපි කඩදාසියේ ප්‍රමාණය තෝරගත්තාම අපිට පුළුවන් රෙසොලුෂන් (resolution)  අගය තෝරාගන්න, අපි පින්තුරය මුද්‍රණය කරන්නේ කුමක් සඳහාද යන කාරණය උඩ. උදාහරණයක් විදියට පත්තරයක්(News paper) සඳහා, එහෙම නැත්නම් ස්ක්‍රීන් ප්‍රින්ට්(screen print) එකක් සඳහා.

අපි "online" කියන එක තෝරගත්තොත් අපිට පින්තුරයේ ප්‍රමාණය (size) තෝරාගන්න පුළුවන් පික්සල් (pixel) වලින්. අපිට මිට වඩා වැඩි පහසුකම් යටතේ "resize" කරන්න ඕනා නම් menu bar එකේ තියෙන "image" මෙනු එකෙන් "image size" කියන එක තෝරාගන්න පුළුවන්.



මේ ටික වැදගත්....
අපිට, bitmap එහෙම නැත්නම් raster ඡායාරූප වල ප්‍රමාණය අඩු කරන්න පුළුවන් එකේ ගුණාත්මක භාවයේ කිසිම අඩුවක් නොවී, එත් විශාල කරද්දී අනිවාර්යයෙන්ම ගුණාත්මක භාවය අඩු වෙනවා. බොඳ වෙනවා. ඒ නිසා අපි ඡායාරූප සංස්කරණය කරද්දී අනිවාර්යයෙන්ම අපේ ඡායාරූපයේ පිටපතක් (copy) තමයි පාවිච්චි කරන්න ඕන. ඔරිජිනල් එක නෙමෙයි.
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

0 comments:

Post a Comment