Copyright © ඉතාලි අපි
Design by Dzignine
Showing posts with label texteffects. Show all posts
Showing posts with label texteffects. Show all posts
22 March 2012

මෙන්න තවත් සුපිරිම text effect එකක්...!!!



හරි ඔන්න ටික දවසක් සද්ද නැතුව ඉඳල අදත් අරන් ආවා සුපිරිම text effect එකක්. මේ තියෙන්නේ ඒක.



මේක දැක්කම හිතෙනවා ඇති නේද මේක හදන්න  layers හෙන තොගයක් යන්න ඇති කියල... එහෙනම් බලන්නකෝ මේක.



දැක්කනේ... හරියට බැලුවොත් ගිහින් තියෙන්නේ layers 3 යි නේද. මේක කරන්න අපිට ඕන වෙන්නේ layer styles විතරයි. මේකෙන් මං බලාපොරොත්තු වෙන්නේ layer style පාවිච්චි කරන විදිය පිළිබඳව අවබෝධයක් දෙන එක විතරයි. මොකද මේක කරලා ඉවර වුනාම ඔයාලට හිතෙයි "මේකෙන් ඉගන ගත්ත දෙයක් නෑනේ. මේකේ තියෙන අගයන් ටික දාගන දාගන ගියා අන්තිමට effect එක ආවා. අවේ කොහොමද වුනේ මොනවද කියල හොයන්නවත් බෑනේ." කියල. ඒ කතාව ඇත්ත. එත් ඉතින් මට පුළුවන් කමක් නෑ හැම එකම ඇන ඇන කියල දෙන්න. මේ බ්ලොග් එක ඒකට මදි. ඉතින් මේක මේ කියල තියෙන විදියටම පලවෙනි වතාවේ කරලා බලන්න. ඊට පස්සේ ඒ ලැබුන අත්දැකීම් එක්ක ඔය effect එකම විවිධ වෙනස් කම් කරලා අලුතෙන් දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට තේරෙයි මෙතනදී මොකද වෙන්නේ කියල.

කියෙව්වා හොදටම ඇති එහෙනම් වැඩේට බහිමු. ඉස්සෙල්ලම මෙන්න මෙතනින් ඕන කරන දේවල් dawnload කරගන්න. file එක extract කරගන්න, එකේ තියෙන xenippa1 කියන ෆොන්ට් එක install කරගන්න. දැන් photoshop ඕපන් කරගන්න. ඊටපස්සේ background කියන පින්තුරය ඔපෙන් කරගන්න.දැන් කරන්න තියෙන්නේ text tool එකෙන් අපිට ඕන කරන දේ type කරගන්න එකයි. අපි install කරගත්ත  xenippa1 කියන ෆොන්ට් එකෙන් type කරගන්න.මම නම් type කලේ මෙන්න මේක.



දැන් තමා කල්පනාවෙන් වැඩ කරන්න ඕන.ඉස්සෙල්ලම ඔය text layer එක උඩ right click කරලා blending options තෝරන්න. මේ පහල පින්තුරය බලන්නකෝ.

                                                                                                                                                                                                                                                                                                            

දැන් ඔයාලට blending options window එක දකින්න ලැබෙයි. බොහොම කල්පනාවෙන් මේ පහල තියෙන පින්තුර  වල තියෙන අගයන් දාන්න. මම කහ පාටින් hilight කරලා තියෙන ඒවා අනිවාර්යෙන්ම දාන්න. මේ අගයන් සේරම දානකන් ok  කරන්න එපා.




(තාමත් "ok " කරන්න එපා)

ඒ effect ටික දැම්මට පස්සේ අපිට තව අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්  ඒ තමයි pattern එකක් photoshop වලට දාගන්නේ කොහොමද කියල. මං dawnload කරගන්න දීපු file එකේ තිබුන නේද, "royal-red-pattern " නමින් file  එකක්. ඒ file එක දැන් අපි ෆොටෝෂොප් වල pattern වලට import කරන්නයි යන්නේ.පහල පින්තුරයේ විදියට කරන්න. 

        
                                                                                                                                                                                                                    
දැන් load කියල window එකක් එයි එකෙන් ඔයාල dawnload කරගත්ත "royal-red-pattern " නමින් file  එක තෝරන්න.එතකොට ඒ pattern එක ලිස්ට් එකේ පෙන්වයි. දැන් ඒ pattern එක තෝරගන්න.එතකොට මෙන්න මේ වගේ තියෙන්න ඕන.


දැන් කරන්න තියෙන්නේ stroke එක දාන එකයි.පහල පින්තුරය බලන්න.



ඊටපස්සේ ඔයාල dawnload කරගත්ත file වල තියෙන "gold grd " file එක gradiants වලට import කරගන්න ඕන.
      

දැන් load කියල window එකක් එයි එකෙන් ඔයාල dawnload කරගත්ත  "gold grd " file එක තෝරන්න.එතකොට ඒ  gradiant  එක ලිස්ට් එකේ පෙන්වයි. දැන් ඒ  gradiant එක තෝරගන්න. ඊටපස්සේ මේ පින්තුරයේ තියෙන විදියට අගයන් දාන්න



 ඒ අගයන් ටිකත් හරියට දැම්මට පස්සේ දැන් "ok " button එක press කරන්න.                           
                              
හ්ම්ම්ම්... දැන් ගොඩක් දුරට අපේ වැඩේ ඉවරයි නේද.    තව අපිට තියෙන්නේ මේකට 3D ගතියක් දෙන එක විතරයි. මුලින්ම අපේ text layer එකේ copy එකක් හදාගමු. ඒකට කරන්න තියෙන්න text layer එක තෝරලා   ctrl +j    press කරන එකයි. දැන් අපි හදාගත්ත copy එකේ තියෙන තියෙන effect සේරම ඉවත් කරලා දාමු . Menu > Layer > Layer Style > Clear Layer Style විදියට කරන්න . මේ පහල තියෙන විදියට 

                         
දැන් අපි මේකට effects දාමු .කලින් කළා වගේම  text layer එක උඩ right click කරලා blending options තෝරන්න.දැන් හදාගත්ත copy එකට මෙන්න මේ effects දාන්න. 


                              
දැන් මෙතනදීත් stroke එකට gradiant එකක් දාන්න ඕන.කලින් කරපු විදියටම තමයි කරන්න තියෙන්නේ.  "stroke grd " file එක import කරගන්න.ඊටපස්සේ මේ පහළ පින්තුරයේ තියෙන අගයන් ඒ විදියටම දාන්න



සේරම effect දාල ඉවරයි දැන්. අන්තිමේදී copy කරගත්ත text layer එකේ fill එක 0 කරන්න.පින්තුරය බලන්න.      



දැන් ඔයාලට මෙන්න මේ වගේ සුපිරිම සුපිරි text effect එකක් ලැබිල තියෙයි.    
            
ඔයාලට මේක ප්‍රයෝජනවත් වුනා නම් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහසත් කියලම යන්න ....
කියවන්න
25 February 2012

මතකද 2012 ෆිල්ම් එකේ ලෝගෝ එක... අපිත් හදමු ඒ වගේ එකක්.

(සියලුම පින්තුර පැහැදිලි ලෙස නැරඹීම සඳහා එය මත click කරන්න)


ඔන්න කට්ටියට තවත් වැඩ කෑල්ලක් උස්සගන ආවා.. හැමෝටම මතක ඇති නේද 2012 ෆිල්ම් එකේ ලෝගෝ එක? මේ තියෙන්නේ ඒවගේ එකක්... 


අපිත් photoshop වලින් හදමු මේ වගේ එකක්.අපි මෙතනදී කරන්නේ layer mask වලින් වැඩ ගන්න එකයි.. සිංහලෙන්ම කියනවා නම් 2012 අකුරු වලට වෙස් මුහුණු ටිකක් අන්දන එකයි අපි මෙතනදී කරන්නේ. 




ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් ගිහින් ඕන කරන දේවල් dawnload කරගන්න. ඒ file එක extract කරගෙන ඇතුලේ තියෙන AgencyFB Regular කියන ෆොන්ට් එක install කරගන්න ඊටපස්සේ photoshop වලට ගිහින් පහල පින්තුරයේ දාල තියෙන  size එකට අලුත් canvas එකක් හදාගන්න.

පියවර 01:

දැන් අපි dawnload කරගත්ත black කියන පින්තුරය open කරගෙන move tool එකෙන් අපි හදාගත්තු canvas එකට drag කරන්න(ඇදල දාන්න) 
දැන් black කියන පින්තුරය close කරලා දාන්න.


පියවර 02:

ඊටපස්සේ අකුරු වලට පාටක් දාගමු. මේ පින්තුර වල තියෙනවා කරන විදිය  මේ පහල පින්තුරයේ වගේ foreground color එක double click  කරන්න



 දැන් මේ පින්තුරයේ තියෙන විදියට # එකට 292929 අගය දෙන්න.


දැන් අපි  AgencyFB Regular font එක තෝරලා  text tool එකෙන් "2012" type කරගමු .


පියවර 03:

ඊළඟට bevel එකක් දාගන තව contuor එකකුයි texture එකකුයි දාගමු. පහල පින්තුරවල අගයන් දෙන්න.





පියවර 04:

දැන් layer 2 පින්තුරය open කරගන්න, මතකද අපි  black කියන පින්තුරය open කරගෙන move tool එකෙන් අපි හදාගත්තු canvas එකට drag  කළා, ඒ වගේ මේ  layer 2 පින්තුරයත්  drag කරන්න,


 දැන්   layer 2  කියන පින්තුරය close කරලා දාන්න.




පියවර 05:


ඊටපස්සේ layer 2 පින්තුරය 2012 අකුරු ටික වැහෙන්න මෙන්න මේ විදියට තියාගන්න.


පියවර 06:


මේ විදියට layer 3, layer  4, layer  5 පින්තුර වලටත් කරන්න. එතකොට layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන. 


පියවර 07:


ඊළගට  layer  5 හි opacity අගය 15% ක් දක්වා අඩු කරන්න. 




දැන්  "layer  4" හි  opacity අගය 30% ක් දක්වා අඩු කරන්න, 




දැන්  "layer  3" හි  opacity අගය 90% ක් දක්වා අඩු කරන්න .




පියවර 08:


දැන් කරන්න තියෙන්නේ layer mask එක දාන එකයි..  මුලින්ම   layer  5 සහ  layer  4 අතරට mouse එක ගෙනියන්න ඊළගට ALT key එක ඔබන්න mouse එකේ හැඩය වෙනස් වුනා නේද?    
 mouse එකේ හැඩය වෙනස් වුනාම එක පාරක් click කරන්න. එතකොට මෙන්න මේ වගේ තියෙයි. 


පියවර 09:

දැන් අනිත් layer වලටත් මේ ටිකම තමා කරන්න තියෙන්නේ. 


 layer 4 සහ  layer  3 අතරට  mouse එක ගෙනිහින්   ALT key එක ඔබාගන  එක පාරක් click කරන්න,


ඊළඟට layer 3 සහ  layer  2 අතරට  mouse එක ගෙනිහින්   ALT key එක ඔබාගන  එක පාරක් click කරන්න,


ඊළඟට   layer 2 සහ text layer එක  අතරට  mouse එක ගෙනිහින්   ALT key එක ඔබාගන  එක පාරක් click කරන්න,


බලන්නකෝ ලෝගෝ එක හැදිලා ඉවරයි. එතකොට  layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන. 




පියවර 10:


දැන් ඕකට පොඩි ගතියක් දෙමු.. නිකන් ලයිට් එළියක් ගහල වගේ.   layer  5 ට උඩින් අලුත් layer එකක් හදාගන්න, ඊට පස්සේ  අංක 100 brush එක තෝරගන මෙන්න මේ විදියට සුදු පාටින් ඇඳගන්න.




පියවර 11:

ඊට පස්සේ සුදු පාට ගාගත්ත layer 6 යේ  opacity අගය 50% ක් දක්වා අඩු කරන්න. 




පියවර 12:


දැන් කලින් layer වලට කළා වගේම  layer 6 සහ  layer  5 අතරට  mouse එක ගෙනිහින්   ALT key එක ඔබාගන  එක පාරක් click කරන්න


අන්තිමට ඔයාලගේ  layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන.


මේ තියෙන්නේ අපේ ලෝගෝ එක. 


මේ විදියට ඔයාලගේ නම උනත් දාල හදාගන්න පුළුවන්.


මේකෙන් ඔයාලට යමක් ඉගන ගන්න පුළුවන් උනා නම් මගේ හිත හැදෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ ....


කියවන්න
20 February 2012

නියෝන් ලියිට් effect එක අකුරු වලට දාමු

(සියලුම පින්තුර පැහැදිලි ලෙස නැරඹීම සඳහා එය මත click කරන්න)


ඔන්න කාලෙකට පස්සේ blog කට්ට පැත්තේ ආව post එකක් දාන්න... මං blog එක ලියන විදිය ටිකක් වෙනස් කරන්න හිතුවා. ඒ අපේ ගැමියාගේ පත් ඉරුව බ්ලොග් එක ලියන සහෝදරයා දීපු වටිනා උපදෙස් නිසා. මොකද photoshop ගැන සාමාන්‍ය දැනීමක් තියෙන අයටත් මේකෙන් ප්‍රයෝජනයක් තියෙන්න ඕනනේ... ඉතින් ඔන්න "වැඩ කෑලි" කියන lable එක යටතේ photoshop වලින් සුපිරි වැඩ කෑලි දාන විදිය කියල දෙනවා. ඔයාලට පේනවද පහල තියෙන පින්තුරය...

හදමුද මේ වගේ එකක්? කොහොමද facebook timeline එක දාගන ඉන්න අයගේ cover photo එකට මේ වගේ එකක් හදල දාගත්තොත්? හරි වැඩේට බහිමු... ඉස්සෙල්ලම මෙතන click කරලා ඕන කරන දේවල් dawnload කරගන්න. zip කරලා තියෙන්නේ. ඔය zip file එක open කරලා, ඔකේ  තියෙන Neuropol කියන ෆොන්ට් එක install කරගන්න. දැන් photoshop ඔපෙන් කරගන්නකෝ. දැන් අපි dawnload කරගත්ත file එකේ තියෙන background කියන පින්තුරේ හරි කෙලින්ම timeline cover photo එකට දාගන්න හදනවා නම්, timeline cover pic size කියන පින්තුරය හරි open කරගන්න, cover pic එකට හරියන්න size කරලා තියෙන්නේ.අපි අලුත් document එකක් හදාගන්න ඕන දැන්. ctrl + n ඔබන්න ඒකට ඔය පහල තියෙන පින්තුරේ වගේ විස්තර දෙන්න(time line cover pic size) 

පියවර 01
 දැන් හදාගත්තු අලුත් document එක කළු පාටින් පුරවා ගන්න.(paint bucket tool) 

පියවර 02
  
ඊළගට  open කරගත්ත timeline cover pic size කියන පින්තුරය තෝරන්න, දැන් ctrl + a ඔබන්න. මේකෙන් වෙන්නේ සම්පුර්ණ පින්තුරය select වෙන එක. දැන් selection එක copy කරගන්න ඕන නිසා ctrl + c ඔබන්න. දැන් මේක අලුතෙන් හදා ගත්ත document එකට paste කරන්න ඕන. ඒකට අලුත් document එක තෝරලා  ctrl+v ඔබන්න. එතකොට ඔයාලගේ layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන.



දැන් අර timeline cover pic size කියන පින්තුරය close කරලා දාන්න, save කරන්න ඇහුවොත් NO කියල දෙන්න.

පියවර 03
 මේකේ පාට ටිකක් වෙනස් කරගමු.layer 1 තෝරලා  menu එකෙන් මෙන්න මේ විදියට යන්න Image > adjustments > Hue / saturation එකට ගිහින් saturation අගය -61 කරන්න. (පහල පින්තුර බලන්න)  ok කරන්න. 




පියවර 04
දැන් අපි මේ layer 1 එකට layer mask එකක් දාන්න ඕන. ඉස්සෙල්ල වගේම  layer 1 තෝරලා  menu එකෙන් මෙන්න මේ විදියට යන්න Layer > Layer Mask > Reveal all . 

ඊට පස්සේ layer 1 එක මෙන්න මේ විදියට වෙනස් වෙයි.

පියවර 05
දැන් මේ layer mask එකට filter එකක් දාමු. layer mask එක select කරන්න

දැන් මෙන්න මේ විදියට යන්න Filters> Render> Clouds

ඔයාලට මෙන්න මේ වගේ වෙනසක් දකින්න ලැබෙයි. 

මේකේ තියෙන විදියටම ඔයාලට filter එක ලැබෙන්නේ නෑ, මේක සිද්ධ වෙන්නේ අහඹු විදියට, ලැබිල තියෙන විදිය හරි නැත්නම් ආපහු filter එක දාන්න ඔයාට හොඳයි කියල හිතෙන විදියට වෙනස් වෙනකන්. 

පියවර 06
දැන් මේ layer දෙකට උඩින් තව layer එකක් හදන්න, ඒක paint bucket tool එක පාවිච්චි කරලා කළු පාටින් පුරවා ගන්න .එකටත් ඉස්සෙල්ල වගේම layer mask එකක් දාන්න එතකොට ඔයාලගේ layer palette එක සහ පින්තුරය මෙන්න මේ වගේ තියෙන්න ඕන.

පියවර 07
දැන් මේකට පොඩි ගතියක් දෙන්නයි යන්නේ,මේකෙන් කරන්නේ වටේ අඳුරු කරලා මැද කොටස පැහැදිලිව පේන විදියට හදාගන්න එක. ඒකට මුලින්ම අපි දාපු දෙවැනි layer mask එක select කරන්න. 

ඊට පස්සේ brush tool එක select කරලා අංක 300 brush එක (Airbrush Soft Round 300) තෝරාගන්න size එක 300px අගය දෙන්න, කළු පාට තෝරලා තියාගන්න 

දැන් brush tool  එකෙන් පින්තුරයේ මැද කොටස තුන් වතාවක් විතර click කරන්න,  තව වෙනස් කරගන්න ඕන නම් තවත් click කරලා කැමති විදියට වෙනස් කරගන්න.   





පියවර 08
දැන් සුදු පාට තෝරාගන්න ඊළගට  text tool එක තෝරලා install කරගත්ත Neuropol කියන ෆොන්ට් එක තෝරලා පහත පින්තුරයේ තියෙන විදියට තමන්ට අවශ්‍ය දේ  type කරගන්න.

පියවර 09
ඊළගට මේ අකුරු ටික Rasterize බවට පත් කරගනිමු. අකුරු layer එක උඩ right click කරලා Rasterize Layer කියන එක තෝරන්න

පියවර 10
දැන් ctrl එක ඔබාගන layer එක පෙන්වන කොටුව උඩ click කරන්න ඒකෙන් වෙන්නේ layer එකේ තියෙන දේවල් select වෙන එක.

ඊටපස්සේ මේ selection එක තව අඩු කරගමු. (හීනි කරගමු) ඒකට select > modify > contract විදියට යන්න  

මම නම් අගය දුන්නේ 4 විදියට. තව හීනි කරගන්න ඕන නම් 5 විදියට දෙන්න.

දැන් ctrl + shift + i ඔබන්න. මේකෙන් වෙන්නේ selection එක අනිත් පැත්ත(inverse) හැරෙන එක. දැන් delete එක ඔබන්න එතකොට මෙන්න මේ වගේ තියෙයි.

 ඊළගට ctrl + d ඔබල deselect කරගන්න(selection එක නැති කරගන්න) 

පියවර 11
දැන් ආපහු අර අකුරු layer එක උඩ right click කරලා එන මෙනු ඒකෙන් blending options කියන එක තෝරන්න(අකුරු layer එක උඩ double click කරන්න උනත් පුළුවන්)      

එතනින් outer  glow කියන එක තෝරලා පහත පින්තුරේ තියෙන විදියට අගයන් යොදාගන්න

පියවර 12
A.දැන් ආපහු අලුත් layer එකක් හදන්න එතකොට ඔයාලගේ layer palette එක මෙන්න මේ වගේ තියෙන්න ඕන.

B.ඊළගට හදපු අලුත් layer  එක select කරලා Gradient Tool එක තෝරාගන්න. (g අකුර ඔබන්න එහෙම නැත්නම් panit bucket tool එක උඩ ටිකක් වෙලා click කරගෙන ඉන්න)

C.දැන් පහල පින්තුරයේ  විදියට කරන්න

D.එතකොට මේ පින්තුරයේ වගේ menu  එකක් එයි 

E.දැන් Linear Gradient තෝරන්න



F.ඊළඟට අලුත් layer  එක තෝරලා පහල පින්තුරයේ විදියට හරහට ඉරක් අඳින්න.

G.එතකොට මෙන්න මේ වගේ පෙනෙයි.


පියවර 13
දැන්  Gradient එක දාපු layer එකේ mode එක color කියල වෙනස් කරන්න 

බලන්න දැන් කොහොමද කියල...

තනි පාටක් ඕන අයට....
ඔයාලට තනි පාටක් මේකට දාගන්න ඕන නම් පියවර 12, A ට එනකන් කරලා මෙන්න මේ පහල පින්තුර වල තියෙන  විදියට කරන්න





 ඊටපස්සේ paint bucket tool ඒකෙන් අලුත්  layer  එක තනි පාටින් පුරවා ගන්න






ඊට පස්සේ  තනි පාට  දාපු layer එකේ mode එක color කියල වෙනස් කරන්න 

මේකෙන් ඔයාට ප්‍රයෝජනයක් වුනා නම්  කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ...

කියවන්න