Copyright © ඉතාලි අපි
Design by Dzignine
12 January 2012

7.ලේයර්ස් (Layers) හඳුනා ගනිමු...

මෙන්න මේ Layers වලින් තමා ඔය ෆොටෝෂොප් වැඩකාරයෝ වැඩ කිඩ දාන්නේ. දැන් බලයි ටූල්ස් සහ විවධ ෆිල්ටර් තියෙන්නේ මොකටද කියල, එව්වත් ඕන වෙනවා නමුත් Layers හරියට තේරුම් ගත්තේ නැත්නම් සාර්ථකව නිර්මාණයක් කරන්න අමාරුයි. මේ Layers පාවිච්චි කරන විදිය හරියට තේරුම් ගන්න පුළුවන් නම් ෆොටෝෂොප් කියන්නේ simple software එකක්, මම අත්දැකීමෙන්ම දන්නවා ගොඩක් අය මේ ෆොටෝෂොප් ඉගෙන  ගන්න අමාරුයි කියන්නේ මේ Layers පාවිච්චි කරන විදිය හරියට තේරුම් ගන්න බැරි නිසා කියල. ඉතින් මේ මුලික කොටස් ඉවර කරලා මම ලිපි ලියන්නේ මේ Layers හරියට තේරුම් අරන් පාවිච්චි කරන විදියයි. මේ ලිපියේ තියෙන්නේ පොඩි හඳුන්වාදීමක් විතරයි.



සාමාන්‍යයෙන් මේ Layers Palette එක තියෙන්නේ අපේ photoshop window එකේ දකුණු පැත්තේ පහලට වෙන්නයි. අපිට මේ Layers Palette එක පාවිච්චි කරලා අපේ නියම ඡායාරූපයට කිසිම හානියක් නොවී වැඩ කරන්න පුළුවන්, ඒ කියන්නේ අපි හිතමුකෝ අපේ photo එකේ කොටසක් මකන්න ඕනා කියල,නමුත් මකද්දී වැරදීමක් උනොත් එහෙම අපේ නියම photo එකට හානි වෙන්න පුළුවන් (save කලේ නැතිනම් හානි නොවී බේරගන්න පුළුවන්) ,ඉතින් අපිට පුළුවන් අපේ photo එකේ Layer එක select කරලා ctrl ප්‍රෙස් කරගෙන J අකුර ප්‍රෙස් කරන්න. එතකොට අපේ නියම photo එකේ copy එකක් හැදෙනවා. දැන් අපිට පුළුවන් මේ copy එක බය නැතුව edit කරන්න. අපිට පුළුවන් අපේ photo එකේ තියෙන කොටස් වෙන වෙනම layers වලට වෙන් කරලා තියාගන්න ඇත්තෙන්ම එක ලොකු පහසුවක් වෙනවා සංස්කරණය කරද්දී. අපිට මේ layers හරහා අපේ photo එකට විවිධ වර්ණ එකතු කරන්න, විවධ කොටස් එකතු කරන්න, අකුරු එකතු කරන්න සහ තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයාලට layers ගැන සවිස්තරාත්මකව දැනගන්න පුළුවන් ඉදිරි ලිපි වලින්.
:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^

3 comments:

  1. මගේ බ්ලොග් එකේ කොමෙන්ට් එක දැකලයි මේ පැත්තට ගොඩ වුනේ මමත් ඔයා වගේම බ්ලොග් වලට අළුත් කෙනෙක්... මම බ්ලොග් ලියන්න ගත්තේ හිතේ තියෙන දේවල් කියලා දාන්න හිතාගෙන ඒත් මම කවදාවත් හිතුවේ නෑ හිට්ස් ගන්න ලියන්න ඕනේ කියලා එහෙම හිට්ස් ගන්න හිතාගෙන ලිව්වනම් මට බ්ලොග් එපා වෙන්න තිබුනා....

    මමත් ‍photoshop එක්ක ගොඩක් වැඩකරන කෙනෙක් සමහර විට මම වැඩිපුරම භාවිත කරන මෘදුකාංගේ වෙන්න පුළුවන් මම කොහෙන්වත් ඉගෙන ගෙන නැතුවට විවිධ ටියුටෝරියල්ස් එහෙම බලලා තමයි තනියම ඉගෙන ගත්තේ...

    මම පුංචි උපදෙසක් දෙන්නම් මට හිතෙනවා ඔයාගේ පෝස්ට් කුඩා වැඩියි කියලා photoshop basic එක ගන්න කවුරුත් බලාගෙන නැතුවා වෙන්නත් පුළුවන් ඒ නිසා ටිකක් ආකර්ශනීය වැඩක් කරන හැටි සම්පූර්ණ steps දාලා බලන්න සමහර විට ටිකක් advance දේවල් ඉගෙන ගන්න බලාගෙන ඉන්න කට්ටිය කැමති වෙයි...

    සමස්තයක් විදියට ටෙක්නිකල් බ්ලොග් වලට ඉල්ලුම ටිකක් අඩුයි මමත් එකක් පටන් ගත්තා ලිනක්ස් ගැන මගේ දැනුම බෙදන්න ඒත් ඒකට ප්‍රතිචාර නැති තරම්....ඒත් මම දිගටම ලියනවා....සැලෙන්න එපා අයියේ දිගටම ලියන්න අද හෙට මේ පිළිබඳ උවමනාවක් නැතත් කවදක හරි ඔයාගේ බ්ලොග් එක ගොඩක් දෙනෙක්ට උවමනා වෙන්න පුළුවන් ජය වේවා......

    <a href="http://samanalayagelinuxpituwa.blogspot.com''>මේ තියෙන්නේ මම ලියන අනික් බ්ලොග් එක</a>

    ReplyDelete
  2. word notification එක නැතිකරන්න Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්න

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි... මමත් එහෙම තමා ෆොටෝෂොප් ඉගන ගත්තේ... මමත් කල්පනා කල පොස්ට් දාන එක ගැන... මිට වැඩ වෙනස් විදියකට දාන්න ඕනා... මේ ටිකේ වෙලාවක් නෑ පොස්ට් දාන්න.. ස්තුතියි උදව් කලාට.. ඒ වගේම කමෙන්ට්ස් වලටත්...

    ReplyDelete