Copyright © ඉතාලි අපි
Design by Dzignine
17 April 2012

photo වලට අමුතු ගතියක් දෙන bloom effect එක දාන්න ඉගෙන ගමු.

ඔන්න මං අද ඔයාලට ගෙනාවා තවත් වටිනා කියන වැඩ කෑල්ලක්. මං කලින් කිව්වනේ ක්වික් මාස්ක් ගැන සහ අර කපාගන ආව පින්තුරය පාවෙනවා වගේ පේන එක හදාගන්න විදිය කියල දෙනවා කියල. නමුත් මේක ඊට වඩා ටිකක් වටිනවා. මේකෙන් පස්සේ අනිවා කියල දෙන්නම් අර දේවල්. හරි මෙන්න මේකයි කතන්දරේ පෙන්වා නේද මේ පින්තුර දෙකේ වෙනස...



කොයි පින්තුරයේද ගතියක් තියෙන්නේ? දෙවැනි එකේ නේද.. හ්ම්ම්... ඔව් එකට කියන්නේ bloom effect එක කියල. මේක දාන්න හරිම ලේසියි.. කට පාඩමෙන් කරන්න පුළුවන් මේක.... එහෙනම් අපි බලමු කරන විදිය..

ඉස්සෙල්ලම ඕන කරන photo එක photoshop වලින් open කරගන්න ඊට පස්සේ ctrl + j ඔබන්න. ඔයාලට මතකද මේ short  cut එක? කලින් post එකකත් මං කිව්වා.. මේකෙන් වෙන්නේ අපි දැන් තෝරගන ඉන්න layer එකේ copy එකක් හැදෙන එක. බලන්න දැන් ඔයාලගේ layer palette එක මෙන්න මේ වගේ ඇති.

 

දැන් හදාගත්ත කොපියේ layer mode එක screen විදියට වෙනස් කරන්න ඕන. මෙන්න මේ විදියට.




ඊට පස්සේ මේකට layer mask එකක් දාන්න ඕන. අපි 2012 ලෝගෝ එක හදද්දී layer mask දැම්ම මතකද? මෙන්න මේ විදියට දාන්න.



දැන් layer mask එක තෝරන්න ඕන. සාමාන්‍යයෙන් layer mask එකක් දාපුවම ඒක ඉබේම select වෙලා තියෙනවා. නමුත් මෙන්න මේ විදියට layer mask එක තෝරන්න (සුදු පාට කොටුව උඩ click කරන්න)



ඊටපස්සේ මේ layer mask එකට අපේ පින්තුරය දාගමු. ඒක කරන්නේ මෙහෙමයි. layer mask එක select කෙරුවට පස්සේ menu එකේ image -> apply image විදියට යන්න.




දැන් මතුවෙන window එකෙන් layer එකට background තෝරන්න.



දැන් ආපහු layer එකේ පින්තුරය තෝරමු. කලින් layer mask එක උඩ click කළා වගේ මේ පාර පින්තුරය පෙන්වන පොඩි icon එක (layer thumbnail ) උඩ click කරන්න   



දැන් මේ bloom effect එක පින්තුරයේ කොයි තැන් වලටද දාන්න ඕන කියල තෝරගන්න ඕන. Menu එකේ Image -> Adjustments -> Threshold විදියට යන්න.



එතකොට එන window එකේ slider එක එහෙට මෙහෙට කරලා බලන්න වෙනස් වෙන විදිය.



දැන් කොහොමද හරියට තෝරාගන්නේ අපිට ඕන කොටස්? බලන්න මේ පින්තුරය දිහා..



පේනවා නේද තියෙන ඊතල ගහල තියෙන සුදු පාට කොටස් අන්න ඒවාට තමා මේ bloom effect එක දාන්නේ. ඉතින් අර slider එක විවිධ වෙනස් කම් කරලා බලලා හොඳ ගැලපෙන විදියකට හදාගන්න, හොඳම දේ තමා සුදු පාට කොටස් ටිකක් අඩු වෙන විදියට හදාගන්න එක. දැන් කරන්න තියෙන්නේ මේක බොඳ කරන එකයි. එකට පාවිච්චි කරන්නේ Gaussian Blur Filter එක. Menu එකේ Filter -> Blur ->  Gaussian Blur විදියට යන්න.

 

දැන් ඉබේම අර සුදු පාට කොටස් බොඳ වෙයි, එත් slider එක වෙනස් කරලා ගැලපෙන වියකට හදාගන්න. ගොඩක් බොඳ කරන්න එපා. 



දැන් බලන්න වෙනස.. මේක photo දෙක තුනකට දානකොට ඉබේම මතක හිටිනවා... ඔය photo edit කරන වැඩර්ලා ගොඩක් වෙලාවට මේ effect එක තමා දාන්නේ... wedding album හදද්දී මේක ගොඩක් පාවිච්චි කරනවා.

 මේක වැදගත් වුනා නම් කමෙන්ට් එකක් එහෙම දාලම යන්න..                                 
කියවන්න
12 April 2012

ලේසියෙන්ම සුපිරිම selection දාමු.

ඔන්න පහු ගිය ටිකේ වැඩ කෑලි ගෙනාපු නිසා අද හිතුවා photoshop රහස් ටිකක් අරගෙන එන්න.අපි කවුරුත් කැමතියිනේ අපේ photo එකක් කපල අරන් වෙන තැනකට දාල වැඩ කෑල්ලක් දාන්න,  ඕන කෙනෙක් කැමතියිනේ බොහොම ප්‍රසිද්ධ තැන වල ඉඳන් ෆොටෝ ගහන්න.ඒ වුනාට ඉතින් හැමෝටම එක කරන්න බෑනේ.ඒ වුනත් අපිට photoshop වල පිහිටෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඉතින්  ඒකට අපේ photo වල color balance  එක ගැලපෙන්න ඕන. ඒ වගේම නිවැරදි selection එකක් දාල අපේ පින්තුරය ලස්සනට කපා ගන්න ඕන.  මං මේකෙන් කියල දෙන්න යන්නේ 99.99% ක්ම නිවැරදිව selection එකක් දාගන්නේ කොහොමද කියල. selection කිව්ව ගමන් මතක් වෙන්නේ මෙන්න මේ ටූල් ටික නේද? 




ඔව් මේවගෙන් නම් තමා අපිට selection එක දාන්න වෙන්නේ. නමුත් මේ ටූල් අපි පාවිච්චි කරන්නේ ඉතාමත් සරල selection එකක් දාගන්න විතරයි. ඉතින් නිවැරදි selection එකක් දාගන්න මොනාද අපිට තව ඕන කරන ටූල්? අපිට ඒකට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි "ක්වික් මාස්ක් (මේ ගැන ඉදිරියේදී කියල දෙන්නම්)" අනිත් ක්‍රමය වර්ක් පාත්(work path )  පාවිච්චි කිරීම. මම නම් හිතන්නේ ඒක තමා හොඳම ක්‍රමය. මේකට අපිට ඕන වෙන්නේ අර මුලින් කිව්ව selection tool වලින් එකකුයි, pen tool එකයි. pen tool එක කිව්වට pen tool එකම නෙමේ  add anchor point tool එක. 



 මේ tool එකෙන් කරන්නේ pen tool එකෙන් ඇඳගත්ත path එක edit කරන එකයි. එහෙනම් අපි සුපිරියටම selection දාන්න ඉගෙනගනිමු.     

මුලින්ම ඔයාට ඕන කරන පින්තුරය photoshop වලින් open කරගන්න. මම නම් ගත්තේ මෙන්න මේ පින්තුරේ


 ඉස්සෙල්ලම මොකක් හරි selection tool එකකින් සරල selection එකක් දාගනිමු.  මම පාවිච්චි කෙරුවේ magnetic lasso tool එක.



ඔයාට පේනවා නේද උඩ පින්තුරේ ඊතල ඇඳලා තියෙනවා, ඒ තමා selection එක, ඔහේ ඕනාවට එපාවට වටේට  ඇඳලා දාන්න තියෙන්නේ..

මේකේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා පේනවනේ. ඉතින් අපිට පුළුවන් මේ අඩුපාඩු හදාගන්න ක්‍රම කීපයකින්ම. එත් ඉතින් හොඳම ක්‍රමය තමා වර්ක් පාත්(work path )  පාවිච්චි කිරීම.ඉතින් එකට ඉස්සෙලම කරන්න ඕන මේ selection එක වර්ක් පාත්(work path )  එකක් කරගන්න ඕන. කරන්න තියෙන්නේ සිම්පල් වැඩක්. ඔහොම ඉන්න ගමන් පින්තුරය උඩ ඕනම තැනක right click කරන්න දැන් මතු වෙන menu එකෙන් make work path තෝරන්න.දැන් tolerance අගය තෝරන්න වෙනවා. ඒකට අමුතුවෙන් අගයක් දෙන්න ඕන නෑ.ok කරලා දාන්න 



දැන් අර වටේට ගමන් කරන කඩ ඉරි ටික නැති වෙලා තනි ඉරක් වෙයි අපි දාපු selection එක. මෙන්න මේ වගේ.



සමහර අයට selection එක දාල right click කෙරුවට මෙනු එකේ එන්නේ නෑ make work path කියල එකක්. දැන් මොකද කරන්නේ? මෙහෙමයි make work path කියන පහසුකම අපිට දෙන්නේ selection tool එකක් තෝරලා  තියෙනකොට  විතරයි. ඉතින් selection tool එකකින් selection එක දාල, වෙන tool එකක් තෝරලා right click කෙරුවම ඒක අපිට work path එකක් කරගන්න බෑ. ඉතින් selection එකක් work path එකක් කරගන්න ඕන නම් මතක ඇතුව selection tool එකක ඉඳන් right click කරන්න. 

දැන් එහෙම selection එක work path එකක් කරගත්තට පස්සේ මේකේ තියෙන අඩු පාඩු හදන්න එපැයි... එකට අපේ පිහිටට එන්නේ අර මං මුලින් කිව්ව  add anchor point tool එක.එහෙනම් මේ පහල තියෙන විදියට  add anchor point tool එක තෝරගන්න.



ඊට පස්සේ add anchor point tool එක work path එක උඩට ගෙනිහින් බලන්න, මවුස් එකේ ලකුණ වෙනස් වුනා නේද? 



දැන් work path එකේ කොහේ හරි එක තැනක් click කරන්න.එතකොට මෙන්න මේ වගේ anchor points පෙනෙයි. 



අපිට add anchor point tool එකෙන් මේවා තියෙන තැන වෙනස් කරන්න පුළුවන් වගේම tool එකේ නමේ තියෙන විදියටම අලුතෙන් anchor points එකතු කරන්නත් පුළුවන්.
දැන් කොහොමද මේ anchor points එකතු කරන්නේ? කරන්න තියෙන්නේ මෙච්චරයි ඔය work path එක උඩට ගියාම mouse එකේ hadaya වෙනස් වෙනවා නේද? අන්න එතකොට click කරන්න. අපිට ගොඩක් වෙලාවට අලුතෙන් anchor points එකතු කරන්න සිද්ධ වෙනවා...  

දැන් බලමු කොහොමද මේ anchor point එකක් තියෙන තැන වෙනස් කරන්නේ කියල.  ඒකත් හෙන සිම්පල් වැඩක්. anchor point එකක් උඩ click කරලා ඕන කරන තැනට ඇදල දාන්න (drag කරන්න). ඊට කලින් මේ පින්තුරය zoom කරගන්න ඕන. එතකොට තවත් හොඳට anchor point තියන්න වගේම වෙනස් කරන්නත් පුළුවන්. කරන්න තියෙන්නේ keyboard එකේ Ctrl ඔබාගන + ලකුණ ඔබන එකයි... ඒ වගේම zoom ඒක නැති කරද්දී  Ctrl ඔබාගන - ලකුණ ඔබන්න. දැන් මේක zoom කරගත්තම මේ පින්තුරය ගොඩක් ලොකුයිනේ... ඉතින් පින්තුරයේ එහෙට මෙහෙට යන්නේ කොහොමද? keyboard එකේ space bar එක ඔබාගන පින්තුරය උඩ mouse එකෙන් click කරගෙන එහාට මෙහාට කරලා බලන්න. මේ විදියට  space bar එක ඔබාගන පින්තුරයේ ඕනෑම තැනකට ලේසියෙන් යන්න පුළුවන්.



 ඔයාල දැක්කද ඒ anchor point එකක් උඩ click කෙරුවම එකේ දෙපැත්තෙන් handle දෙකක් තියෙනවා, මේ පින්තුරය බලන්න.



ඒකෙන් අපිට පුළුවන් තවත් සියුම් විදියට selection එක දාන්න. නිකමට වගේ ඒ handle එකක් එහෙට මෙහෙට කරලා බලන්න. එකක් ඇද්දොත් අනිකත් ඇදෙනවා... 



 නමුත් work path එකත් එක්ක ඉබේම ආපු anchor points වල සමහර ඒවගෙ එහෙම නෑ. ඉතින් දැන් ඔය එකක් ඇද්දොත් අනිකත් වෙනස් වෙන නිසා හරිම කරදරේ... ඒක තේරෙන්නේ කරලා බලද්දිම තමා.. දැන් කොහොමද අර ඉබේ ආපු anchor points වල සමහර ඒව වගේ අපි එකතු කරන anchor points වලත් handle දෙක වෙන් කරන්නේ? මේ වෙලාවේ අපේ උදව්වට එන්නේ keyboard එකේ ඉන්න Alt key එක. 



දැන් කරන්න තියෙන්නේ keyboard එකේ Alt key එක ඔබාගන අර එකට ඇලිල ඉන්න handle දෙකෙන් එකක් උඩ click කරන එකයි.



ඊට පස්සේ Alt key එක අත ඇරලා අර handle වලින් එහෙට මෙහෙට කරලා බලන්න.ඇලිල උන්නු දෙන්නා වෙන් වෙලා ඉඳි.

ඊළඟට තවත් වැදගත් දෙයක් තියෙනව, සමහර වෙලාවට අපිට ඕන නැති  anchor points අයින් කරන්නත් සිද්ධ වෙනවා. ඔන්න දැන් කට්ටියට මතක් වෙයි add anchor point tool එක තෝරපු වෙලාවේ delete anchor point tool කියල එකකුත් තිබුනා නේද කියල. ඔව් තිබුන නම් තමා.


 ඒ වුනාට ඉතින් පොරව තියාගන පිහියෙන් කපන්නේ මොකටද? ආයේ tool box එකේ රිංගගෙන tool හොයන්න ඕන නෑ. ඕන නැති anchor point අයින් කරන්න නම් කරන්න තියෙන්නේ අර ඉස්සෙල්ල වගේම Alt key එක ඔබාගන ඕන නැති anchor point එක උඩ click කරන එකයි. ඕන නැති anchor point එක උඩට Alt key එක ඔබාගන mouse එක ගෙනියද්දි හැඩය වෙනස් වුනා දැක්ක නේද.



 ඉස්සෙල්ල අපි click කෙරුවේ anchor point එකේ handle එක උඩනේ. මේ පාර click කරන්නේ anchor point එක උඩ. 

මේ තියෙන්නේ ඇද කුද නැති මගේ work path එක 



ඔය මං කියල දුන්නේ anchor point tool හසුරවන විදිය.ඔය ක්‍රම පාවිච්චි කරලා work paath එක හරියට ඇඳගන්න.

ඉතින් දැන් මේ work path එක ආපහු selection එකක් කරගන්නත් එපැයි. නැත්නම් කොහොමද අපිට ඕන කෑල්ල කපල අයින් කරන්නේ.... මතකයි නේද selection එකක් work path එකක් කරපු විදිය.. මෙතනදීත් කරන්නේ ඒකම තමා. මතක ඇතුව අපි ඉන්නේ pen tool එකට අයිති tool වලින් එකකද කියල බලන්න. ඒ කිව්වේ මෙන්න මේ tool වලින් එකක්  .



 එහෙම ඉඳන් පින්තුරයේ ඕනම තැනක right click කරලා make selection තෝරන්න. දැන් ආපහු selection එකක් වෙලා තියෙයි work path එක.



 මං මෙතන කියල දුන්නේ මුලික දේවල් ටික විතරයි. මේ anchor points ඔයාලට ඕන විදියට එහෙට මෙහෙට කරලා handle වලින් ඇදල එහෙම කපාගන්න ඕන line එක දිගේ හරියට work path එක ඇඳගන්න. ඊටපස්සේ selection එකක් බවට පත් කරගන්න. දැන් නම් ලස්සනට select වෙලා නේද.. ඇද නැතුව. ඔව් ඒ වුනාට තව පොඩි අවුලක් තියෙනවනේ... කොච්චර වැඩ දාල work paath වලින්  select කෙරුවත් මේකේ ඉතාමත් පොඩි අඩු පාඩු තියෙනවා.


ඉතින් ඒ අඩු පාඩු හදාගන්නේ කොහොමද? මේකට අපි පාවිච්චි කරන්නේ select menu එකේ තියෙන contract කියන පහසුකම.



ඒක තෝරපුවම එන window එකේ contract by කියන තැනට අගය 1 කියල දෙන්න. 



මේකෙන් වෙන්නේ පික්සල් එකකින් selectin එක අකුලන එකයි. එකේ මහා ලොකු වෙනසක් පේන එකක් නෑ. දැන් ඉතින් වැඩේ අහවරයි. කරන්න තියෙන්නේ මේ select කරගත්ත කොටස ctrl + c ඔබලා copy  කරගෙන ඕන කරන පින්තුරය උඩට paste (ctrl +v ) කරන එකයි. ඔයාට ඕන කරන කොටස අඩු පාඩු නැතිව ලස්සනට කැපිලා තියෙයි....


දැන් පින්තුරයක කොටසක් ලස්සනට කපාගන්න විදිය දන්නවනේ.. ඊළඟ post එකෙන් කියල දෙන්නම් වෙන background එකකට මේ කපාගත්ත පින්තුරය දාන්නේ කියල... උත්සාහ කරපු අය දන්නවා ඇති වෙන background එකකට මේ කපාගත්ත පින්තුරය දාපුවාම නිකන් පාවෙනවා වගේ පේනවා..  ඒකත් හදන හැටි කියල දෙන්නම් ඊළඟ post එකෙන් එතකන් උත්සාහ කරලා බලන්නකෝ... 
කියවන්න
22 March 2012

මෙන්න තවත් සුපිරිම text effect එකක්...!!!



හරි ඔන්න ටික දවසක් සද්ද නැතුව ඉඳල අදත් අරන් ආවා සුපිරිම text effect එකක්. මේ තියෙන්නේ ඒක.



මේක දැක්කම හිතෙනවා ඇති නේද මේක හදන්න  layers හෙන තොගයක් යන්න ඇති කියල... එහෙනම් බලන්නකෝ මේක.



දැක්කනේ... හරියට බැලුවොත් ගිහින් තියෙන්නේ layers 3 යි නේද. මේක කරන්න අපිට ඕන වෙන්නේ layer styles විතරයි. මේකෙන් මං බලාපොරොත්තු වෙන්නේ layer style පාවිච්චි කරන විදිය පිළිබඳව අවබෝධයක් දෙන එක විතරයි. මොකද මේක කරලා ඉවර වුනාම ඔයාලට හිතෙයි "මේකෙන් ඉගන ගත්ත දෙයක් නෑනේ. මේකේ තියෙන අගයන් ටික දාගන දාගන ගියා අන්තිමට effect එක ආවා. අවේ කොහොමද වුනේ මොනවද කියල හොයන්නවත් බෑනේ." කියල. ඒ කතාව ඇත්ත. එත් ඉතින් මට පුළුවන් කමක් නෑ හැම එකම ඇන ඇන කියල දෙන්න. මේ බ්ලොග් එක ඒකට මදි. ඉතින් මේක මේ කියල තියෙන විදියටම පලවෙනි වතාවේ කරලා බලන්න. ඊට පස්සේ ඒ ලැබුන අත්දැකීම් එක්ක ඔය effect එකම විවිධ වෙනස් කම් කරලා අලුතෙන් දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට තේරෙයි මෙතනදී මොකද වෙන්නේ කියල.

කියෙව්වා හොදටම ඇති එහෙනම් වැඩේට බහිමු. ඉස්සෙල්ලම මෙන්න මෙතනින් ඕන කරන දේවල් dawnload කරගන්න. file එක extract කරගන්න, එකේ තියෙන xenippa1 කියන ෆොන්ට් එක install කරගන්න. දැන් photoshop ඕපන් කරගන්න. ඊටපස්සේ background කියන පින්තුරය ඔපෙන් කරගන්න.දැන් කරන්න තියෙන්නේ text tool එකෙන් අපිට ඕන කරන දේ type කරගන්න එකයි. අපි install කරගත්ත  xenippa1 කියන ෆොන්ට් එකෙන් type කරගන්න.මම නම් type කලේ මෙන්න මේක.



දැන් තමා කල්පනාවෙන් වැඩ කරන්න ඕන.ඉස්සෙල්ලම ඔය text layer එක උඩ right click කරලා blending options තෝරන්න. මේ පහල පින්තුරය බලන්නකෝ.

                                                                                                                                                                                                                                                                                                            

දැන් ඔයාලට blending options window එක දකින්න ලැබෙයි. බොහොම කල්පනාවෙන් මේ පහල තියෙන පින්තුර  වල තියෙන අගයන් දාන්න. මම කහ පාටින් hilight කරලා තියෙන ඒවා අනිවාර්යෙන්ම දාන්න. මේ අගයන් සේරම දානකන් ok  කරන්න එපා.




(තාමත් "ok " කරන්න එපා)

ඒ effect ටික දැම්මට පස්සේ අපිට තව අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්  ඒ තමයි pattern එකක් photoshop වලට දාගන්නේ කොහොමද කියල. මං dawnload කරගන්න දීපු file එකේ තිබුන නේද, "royal-red-pattern " නමින් file  එකක්. ඒ file එක දැන් අපි ෆොටෝෂොප් වල pattern වලට import කරන්නයි යන්නේ.පහල පින්තුරයේ විදියට කරන්න. 

        
                                                                                                                                                                                                                    
දැන් load කියල window එකක් එයි එකෙන් ඔයාල dawnload කරගත්ත "royal-red-pattern " නමින් file  එක තෝරන්න.එතකොට ඒ pattern එක ලිස්ට් එකේ පෙන්වයි. දැන් ඒ pattern එක තෝරගන්න.එතකොට මෙන්න මේ වගේ තියෙන්න ඕන.


දැන් කරන්න තියෙන්නේ stroke එක දාන එකයි.පහල පින්තුරය බලන්න.



ඊටපස්සේ ඔයාල dawnload කරගත්ත file වල තියෙන "gold grd " file එක gradiants වලට import කරගන්න ඕන.
      

දැන් load කියල window එකක් එයි එකෙන් ඔයාල dawnload කරගත්ත  "gold grd " file එක තෝරන්න.එතකොට ඒ  gradiant  එක ලිස්ට් එකේ පෙන්වයි. දැන් ඒ  gradiant එක තෝරගන්න. ඊටපස්සේ මේ පින්තුරයේ තියෙන විදියට අගයන් දාන්න



 ඒ අගයන් ටිකත් හරියට දැම්මට පස්සේ දැන් "ok " button එක press කරන්න.                           
                              
හ්ම්ම්ම්... දැන් ගොඩක් දුරට අපේ වැඩේ ඉවරයි නේද.    තව අපිට තියෙන්නේ මේකට 3D ගතියක් දෙන එක විතරයි. මුලින්ම අපේ text layer එකේ copy එකක් හදාගමු. ඒකට කරන්න තියෙන්න text layer එක තෝරලා   ctrl +j    press කරන එකයි. දැන් අපි හදාගත්ත copy එකේ තියෙන තියෙන effect සේරම ඉවත් කරලා දාමු . Menu > Layer > Layer Style > Clear Layer Style විදියට කරන්න . මේ පහල තියෙන විදියට 

                         
දැන් අපි මේකට effects දාමු .කලින් කළා වගේම  text layer එක උඩ right click කරලා blending options තෝරන්න.දැන් හදාගත්ත copy එකට මෙන්න මේ effects දාන්න. 


                              
දැන් මෙතනදීත් stroke එකට gradiant එකක් දාන්න ඕන.කලින් කරපු විදියටම තමයි කරන්න තියෙන්නේ.  "stroke grd " file එක import කරගන්න.ඊටපස්සේ මේ පහළ පින්තුරයේ තියෙන අගයන් ඒ විදියටම දාන්න



සේරම effect දාල ඉවරයි දැන්. අන්තිමේදී copy කරගත්ත text layer එකේ fill එක 0 කරන්න.පින්තුරය බලන්න.      



දැන් ඔයාලට මෙන්න මේ වගේ සුපිරිම සුපිරි text effect එකක් ලැබිල තියෙයි.    
            
ඔයාලට මේක ප්‍රයෝජනවත් වුනා නම් කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහසත් කියලම යන්න ....
කියවන්න